FAQ

අපි..

ඔබ අතරට එන අලුත් වෙබ් අඩවියක්

අපේ අරමුණ …

අපේම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු පහසු කරවීම පිණිස ලංකාව පුරා විහිදී තිබෙන සියලුම භාණ්ඩ හා සේවා පිළිබද තොරතුරු එක වහලක් යටට ගෙන ඒමයි.

 

තව ටිකක් විස්තර කළොත් …

ඔව්, ඉදිරියේදී ලංකාවේ තිබෙන ඕනෑම ක්ෂේත්‍රයක එනම්,

සෞඛ්‍ය /අධ්‍යාපන /ප්‍රවාහන /සන්නිවේදන/ කෘෂිකාර්මික /ඉදිකිරීම් ආදී සෑම ක්ෂේත්‍රයකම දත්ත, තොරතුරු අප සතුයි. එනම් අප වෙබ් අඩවිය දත්ත ගබඩාවකි.

තවත් විදියකින් මේක මේක online business directory එකක් කිව්වොත් නිවැරදියි.

 

මේකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජන මොනවාද ?

ජීවිතයේ කවදාක හෝ ඔබටත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණොත්

01. දුරබැහැර ගමනක් යද්දී, අතරමගදී වාහනය කැඩුනොත්, කොහොමද ලගම තියන ගරාජ් එක හොයාගන්නේ?

02. නාන කාමරයේ බට ලයින් එක හිරවෙලා…  මේක හදාගන්න කෙනෙක් හොයා ගන්නෙ කොහොමද ?

03. හදිස්සියකට ගමනක් යන්න, ගමේ හන්දියේ ත්‍රීවීල් එකක් තියනවද දැනගන්න විදිහක්?

04. චාරිකාවකට නොදන්න පළාතකට යද්දී,  අතේ ඇති මුදලට හොද නවාතැන්පොළක් හොයා ගන්න විදිහක්?

මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම අප සතුයි.

ඉදිරියේදී ලංකාවේ ඕනෑම තැනක ඇති භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු අප සතු වන නිසා ඔබට පහසුවෙන්ම මේ දේවල් අපේ වෙබ් අඩවිය හරහා හොයාගන්න පුළුවන්.

එමගින්, කාලය, මුදල්, නාස්තියකින් තොරව  සේවාවක පහස ඔබට අත් විඳගත හැකි වනු ඇත.

හරි, දැන් අපේ තොරතුරු මේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමෙන් අපිට ඇති වාසිය මොකක්ද?

අපි ජීවත් වෙන්නෙ අධි වේගයෙන් දියුණුවන තාක්ෂණයත් සහිත ලෝකයක. ඉතින් දැන් සෑම ක්ෂේත්‍රයක්ම නවීන තාක්ෂණයත් එක්ක මුසු වෙලා ඉවරයි. දැනට ලෝකයේ ඉහළින්ම තිබෙන අලෙවිකරණ ක්‍රමවේදයක් තමයි e-marketing කියන්නේ.

ඒ කියන්නේ, අන්තර්ජාලය හරහා සිදු කරන භාණ්ඩ හා සේවා ලබාගැනීමේ ක්‍රමවේදය. අද ලෝකයේ, මෙය සුලබව සිදු වෙනවා. අපේ රටේ ගත්තත්,හැමෝගෙම අතේ වගේ දැන් Smart phone තියෙනවා. ඉතින් මේ හැමෝම අන්තර්ජාලය පරිහරණය කරනවා වගේම ඒ හරහා බොහෝ ගනුදෙනුත් සිදු කරනවා. ඉදිරියේදී මේක වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ. අපේ අයටත් දැන් e- marketing කියන්නේ නුහුරු නුපුරුදු අත්දැකීමක් නම් නෙමෙයි.

දැන් අපි බලමු ලංකාවේ භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන් හෝ ආයතනයක් ගැන. සරලවම කිව්වොත් ඔබේ ව්‍යාපාරය ගැන. ලංකාවෙ බහුතරයකට තමන්ගේ ව්‍යාපාරය ගැන අන්තර්ජාලයට ඇතුලත් කරන්න තමන්ගේම කියලා වෙබ් අඩවියක් තනා ගැනීම සිහිනයක්. ඒකට හේතුව, ඊට දරන්න වෙන පිරිවැය, ඒ හා සම්බන්ධ දැනුම, ඊටත් වඩා වෙබ් අඩවියක් දිගටම පවත්වාගෙන යෑම කියන කාරනා සැලකුවහම ලක්ෂ ගානක් වියදම් කරන්න වෙනවා. 

අන්න එතනදි තමයි hanuma.lk  අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ.

ලංකාවේ නුදුරේදීම ජනප්‍රියතම වන වෙබ් අඩවියක් වශයෙන් අපි, ඔබේ ව්‍යාපාරයට අපෙන් අවකාශයක් සලසා දෙනවා. ඉදිරියේදී අප නියෝජිතයකු ඔබ ළඟටම පැමිණ ඔබේ ව්‍යාපාරයේ තොරතුරුද, අපේ වෙබ් අඩවියට, ඔබ ඉදිරිපිටදීම ඇතුළත් කර ගනු ලැබේවි.

ඔබේ ව්‍යාපාරික තොරතුරු ඇතුළත් කිරීමෙන් ඔබට ලැබෙන තවත් සුවිශේෂී වූ වාසියක් නම්, ප්‍රාදේශීය වශයෙන්ද ඔබගේ ව්‍යාපාරික තොරතුරු ලබා ගැනීමට පාරිභෝගිකයින්ට ඇති හැකියාවයි. එනම් යම් පාරිභෝගිකයකු ඔබගේ නගරයේ නම සදහන් කොට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව පිළිබඳව, අප වෙබ් අඩවියේ සෙවීමක් සිදුකළහොත්, එම තොරතුරු දර්ශනය වන්නේ ඔබගේ ප්‍රදේශයට අදාලව පමණි.

එය ප්‍රාදේශීය වශයෙන් පාරිභෝගිකයින්ට මෙන්ම ව්‍යාපාරික ඔබට ද මහත් අස්වැසිල්ලක් වනු ඇත.

උදා:-

ඔබගේ නගරය මහරගම නම්, ඔබට අවශ්‍ය ජංගම දුරකතනයක් නම්,

mobile phone maharagama

ලෙස අප වෙබ් අඩවියේ සෙවුම් තීරුව තුල සෙවීමක් කළ පසු, අප හා අත්වැල් බැඳගත් සියලුම මහරගම හා ඒ අවට ප්‍රදේශයේ සිටින, ජංගම දුරකථන අලෙවිකරුවන් හා අලවිසැල් වල තොරතුරු පමණක් ඔබට දර්ශනය වේ.

මෙවැනි පහසුකම් නිසා, පාරිභෝගිකයින්ට කිසිදු අපහසුතාවයකින් තොරව තම භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීමේ හැකියාව සැලසේ. අප වෙබ් අඩවිය මගින්, මෙවැනි තවත් සේවාවන් රාශියක් පාරිභෝගිකයින්ට හිමිවන අතර, එමගින් ඔබට නව ව්‍යාපාරික අවස්ථා ජනිත වනු ඇත.

ඉදිරියේදී ව්‍යාපාරික ඔබටද සුවිශේෂී වූ සේවාවන් රාශියක් අප තුළින් ලබා දීමට නියමිතයි. එමගින්, ව්‍යාපාරික ලෝකය තුළ ඔබේ නිම් වළලු පුළුල් කර දී, වඩා විශාල වෙළෙඳපොළ පරාසයකට ඔබව විවෘත කරවීම මගින් ඔබේ ව්‍යාපාරයට නව ව්‍යාපාරික අවස්ථා ඇතිකරදීම අපේ අරමුණයි.

 

ඉතින් කොහොමද අපි අපේ තොරතුරු දෙන්නේ?

ඒක බොහොම සරලයි. අපි අපේ ආයතනය වෙනුවෙන් දිවයින පුරා සෑම නගරයක්ම ආවරණය වන පරිදි අපගේ නියෝජිත ජාලයක් පිහිටුවා තිබෙනවා. ඔබේ නගරයේ අප නියෝජිතයා ඔබ ළඟටම පැමිනේවි.  ඔබට තියෙන්නේ ඔබේ තොරතුරු ඔහුට හෝ ඇයට ලබා දෙන එක. ඔවුන් විසින්ම ඔබේ ව්‍යාපාරයේ නම, සේවාවන්, භාණ්ඩ, මෙන්ම විශේෂිත තොරතුරු ද ඇතුළත් කරාවි.

 

මේ සඳහා අයකිරීමක් කරනවද?

ඔව්, අපගේ වෙබ් අඩවියෙන් සේවා ලබාගන්නා මිලියන ගණනක් වූ පාරිභෝගිකයන් හට ඔබගේ තොරතුරු පුරා වසරක් දර්ශනය කරවීමට, සේවා ගාස්තු වශයෙන් අප අවම මුදල  රු.2000 ක් පමණි. (මෙම මුදල, ඔබ ඔබේම වෙබ් අඩවියක් පුරා වසරක් පවත්වාගෙන යාමට දරන පිරිවැයෙන් 1% ටත් වඩා අඩු මුදලක්.)

ඉදිරියේදී අප දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනි, ගුවන්විදුලි හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ලබා දෙන පුළුල් ප්‍රචාරණය මගින් ඔබගේ ව්‍යාපාරයේ තොරතුරු පාරිභෝගික ජනතාවට වඩාත් සමීප කිරීමේ ප්‍රතිලාභය ඔබට හිමිවේමෙමගින්ඔබගේව්‍යාපාරයේඅනන්‍යතාවය හාඑහිභාණ්ඩහාසේවාසැපයීමපිළිබඳවිස්තරඉතාමඉක්මනින්පාරිභෝගිකයන්ටලබාගැනීමේපහසුකමසැලැසේ. ඔබගේ ව්‍යාපාරයෙහි ඡායාරූපද ඇතුලත් කරනා බව මෙහිලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

 

ඔබ මුදල් ලබා දිය යුත්තේ කෙසේද?

අපගේ නියෝජිතයෙක්, ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ, ඔබගේ එකඟතාවය පරිදි අදාළ දත්ත සම්පූර් කර අපගේ වෙබ් අඩවියට, ඔබ ඉදිරියේ සිටම ඇතුළත් කරනු ලබනවා.

එම කටයුත්ත නිම කිරීමෙන් පසු, ඔබටම අපේ වෙබ් අඩවියට පිවිස එය නිරීක්ෂණය කර තහවුරු කරගත හැකි. එසේ නිරීක්ෂණයට ඔබට පහසුකම් නැති නැතිනම්, අප නියෝජිතයා එම සේවාව ඔබට සැලසීමට බැඳී සිටී. එසේ නිරීක්ෂණයෙන්, තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ සේවා ගාස්තු ගෙවිය හැකියි. (අවම පැකේජ රු.2000 )

හරි, ඔබට දැන් මේ වැඩේ වෙන විදිය ගැන හොඳ වැටහීමක් ලැබෙන්නට ඇතැයි අපි හිතනවා.

අප හා අත්වැල් බැඳගත් ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!